පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ සාමාජිකයින් වූ ශයිනි මවුලවි ඇතුළු පිරිසට ඇප ලබාදීම සඳහා හමුදා බුද්ධි අංශ මැදිහත් වී ඇතැයි අසාද් මවුලානා සාක්ෂි දෙමින් පැවසූ බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය .
එහිදී ඔහු ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් ප්‍රංශයට ගොස් එහිදී අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවයි.
එම ප්‍රකාශයට අනුව පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ කණ්ඩායමේ නායක සහරාන් හෂීම්ගේ සහෝදරයා වන ශයිනි ඇතුළු පිරිස අල්ලියාර් හන්දියෙ ගැටුමට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී පිල්ලෙයාන් ඇතුළු කණ්ඩායම හමුවී ඇති බව තහවුරු වන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් පැවසීය .
එම හමුවීමෙන් පසු එම කණ්ඩායම් දෙක අතර සම්බන්ධීකරණය සඳහාත් සුරේෂ් සලේගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැති බවද අසාද් මවුලානා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති බවද ඔහු පැවසීය .