විවාහ සංවත්සරය වෙනුවෙන් හිටපු ජනපති බිරිඳට තැබූ ආදරණීය සටහන

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (21) සිය 41 වැනි විවාහ සංවත්සරය සමරනවා.

ඒ පිළිබඳ සටහනක් තබමින් අද මහින්ද රාජපක්ෂ මහතා සිට ෆේස්බුක් පිටුවේ සිය බිරිඳ වෙත මෙලෙස ආදරණීය සටහනක් තබා තිබුණා.

“අපේ විවාහ ජීවිතයට දැන් අවුරුදු 41යි. දශක හතරක් කියන්නේ දිගු කාලයක්. දුක සතුට සම සේ දරාගනිමින් අභියෝග හමුවේ නොසැලී මහ මෙරක් වගේ ශිරන්ති හැමදාම මගේ ළඟින්ම හිටියා. බිරිඳක, මවක, මිතුරියක, මිත්තනියක ලෙස ඔබ කළ කැපකිරීම් අසමසමයි. ඒ සියල්ලටම බොහොම ස්තුතියි. දයාබර ශිරන්තිට සුබ විවාහ සංවත්සරයක් වේවා!”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!