අති විශේෂ විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද .

2026 වසර සඳහා යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි . පෙරවරු 08.30 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වෙන එම අදහස් ලබාගැනිමට විදුලි පාරිභෝගිකයන්ට සිය අදහස් වාචිකව ලබාදීමට හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසීය .

2026 වසරේ 2 වන සහ 3 වන කාර්තු සඳහා නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම විසින් යෝජිත අතිවිශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස මහජන උපදේශනය ලබාගැනීමට කොමිසම තීරණය කර ඇත . මෙම ගාස්තු සංශෝධනයට අදාල මහජන උපායෝගීතා කොමිසමේ තීන්දුව මෙම මස 9 වනදා ප්‍රකාශ කිරීමට නියමිතය .