විදුලි ගාස්තු 18% කින් ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම සිය අනුමැතිය පලකර ඇත .
නව ගාස්තු ඉහළ නැංවීම මාසික විදුලි පරිභෝජනය මත පදනම්ව සිදුකිරීමට නියමිතය. ඒ අනුව විදුලි ඒකක 180 සිමාව ඉක්මවනා පාරිභෝගිකයන්ට පමණක් මෙම 18% ක මිල ඉහළ යාම බලපැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් පැවසීය .
සාමාන්‍ය සහ අඩු විදුලි පරිභෝජනයක් සහිත ( ඒකක 180 නොඉක්මවනා ) පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බව සභාපතිවරයා අවධාරණය කළේය.
විදුලිය නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මත විදුලි සමාගම් විසින් කරන ලද ඉල්ලීමක් සලකමින් සිදු කරන ලද මහජන අදහස් විමසීමකින් පසු මෙම මිල සංශෝධනය සඳහා මහජන උපයෝගීතා කොමිසම සිය අනුමැතිය දී ඇත .