වරාය නැගෙනහිර පර්යන්තය (ECT) පෞද්ගලීකරණය කිරීම සඳහා රජය සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය (PJTUA) පවසයි .
එම උත්සාහයට එරෙහිව සියලු බලවේග ඒකාබද්ධ කරමින් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත්
වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සන්ධානය පවසනුයේ ආණ්ඩුවේ එකී උත්සහය පටාජය කිරීමට වරායේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කරනා බවයි . නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය සඳහා අවශ්‍ය කටයුතු සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ඇති බවත්, වත්මන් රජය බලයට පත්වීමට පෙර මෙම පර්යන්තය පෞද්ගලීකරණය නොකරන බවට පොරොන්දු ලබා දුන් බවත් ඔවුහු සිහිපත් කරති
පසුගිය අප්‍රේල් 29 වන දින මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවති වැඩමුළුවකදී වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද දත්ත මගින් පර්යන්තය පෞද්ගලීකරණය කිරීම රටට කෙතරම් අවාසි සහගතදයි පැහැදිලි කර ඇති බවද එම වෘත්තීය සමිති සන්ධානය පවසයි.
වසර 27 ක් පුරා පෞද්ගලික අංශය (SAGT) විසින් මෙහෙයවනු ලැබූ පර්යන්තයකින් රජයට ලැබී ඇති මුළු ආදායම ඩොලර් මිලියන 250 කට වඩා අඩු බවත්, නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වුවහොත්, එහි පළමු මංතීරු 10 තුළින් පමණක් වසරකට ඩොලර් මිලියන 360 ක පමණ ආදායමක් උපයා ගත හැකි බවත්ය. පර්යන්තය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ පසු වාර්ෂික ආදායම ඩොලර් මිලියන 700 ඉක්මවනු ඇතැයි ගණන් බලා ඇති බවත් එම සන්ධානය වැඩි දුරටත් පවසයි .
සේවකයන් යොමුකළ ලිපිය පහතින්

