වංචනික ලෙස වත්කම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන නැවත අයකර ගැනීමට කඩිනමින් පියවර ගැනේ

වංචනික ලෙස වත්තකම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අය කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවශ්‍ය සහාය ලබාදීමට එකඟ වූ බවත්, එම කටයුත්තත ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බවත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

වංචනික ආකාරයෙන් මුදල් උපයා විදේශ රටවල තැන්පත් කරන පුද්ගලයින්ගේ මුදල් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් ලෝක බැංකුව වෙනුවෙන්, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය කටයුතු කරන බවත්, නව දූෂණ විරෝධී පනත මෙම මස 15 වන දින සිට බලාත්මක වීමත් සමග එවැනි පුද්ගලයින් පිළිබඳ කටයුතු කිරීමේ හැකියාව නව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හැකියාව ලැබෙන බවත්, අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.

එමෙන්ම සොරකම් කරන ලද වත්කම් ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව කටයුතු කරනු ලබන STAR ක්‍රමවේදය අනුව වංචනික ලෙස වත්කම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අයකර ගැනීමට කටයුතු කිරීමට නියමිතය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දකුණු ආසියානු කලාපීය නියෝජිත Marco Teixeira අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණ. එම අවස්ථාවේදී මෙම තීරණ වලට එළඹි බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *