ලලිත් කොත­ලා­වලගේ මර­ණයට හේතුව හෙළි කරයි

ව්‍යාපාරික ලලිත් කොත­ලා­වලගේ මර­ණය සම්බන්ධයෙන් ඊයේ (31) අධිකරණය සිය තීන්දුව ලබා දුන්නා.

එම මරණය හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් සිදු වූ හදිසි මර­ණ­යක් බව තීන්දු කළ කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සිංහ, ඒමහතා මරණ සහ­ති­කය ඔහුගේ ඥාතීන් වෙත භාර දෙන ලෙස නියෝ­ග­ කළා.

මරණ පරී­ක්ෂණ වාර්තාව සහ රජයේ රස පරී­ක්ෂක වාර්තාව සැල­කි­ල්ලට ගනි­මින් මෙම නියෝගය නිකුත් කළේ මෙම මර­ණය සැක සහිත බවට ඔහුගේ බිරි­යගේ සහෝ­ද­රිය කළ පැමි­ණි­ල්ල­කට අනුවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!