පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු රැගෙන පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කසකස්තානයේ අක්ටාවු නගරයට නුදුරින් කඩා වැටුණි.
යානයේ සිටි 72 දෙදෙනාගෙන් මගීන් 67 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනකු සිටි බව පැවැසෙයි. අසර්බයිජානයේ බලධාරීන් පවසන්නේ අවම වශයෙන් 30 දෙනෙකු දිවි ගලවා ගත් බවයි.
යානය කුරුල්ලන් රංචුවක් මැදින් පියාසර කළ බවත්, යානය අනතුරට පත්වූයේ කුරුල්ලන් ගැටී ඇන්ජින්වලට හානි වීමෙන් බවත් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
යානය අසර්බයිජාන ගුවන් සේවයට අයත් එකකි.