රයිස් සහ කොත්තු මිල පහළට

ආපනශාලා ආහා‍ර වර්ගවල මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

srilankanews.lk කළ විමසීමක දී එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ ඊයේ දිනයේ දී ගෑස් මිල පහළ දැමීමත් සමග පාරිභෝගිකයන්ට ආහාරවල මිල අඩු කර ලබා දීමට සිය සංගමය තීරණය කළ බවයි.

ඒ අනුව සියලුම කෙටි ආහාර වර්ග රුපියල් 10කිනුත්, ප්ලේන්ටියක් රුපියල් 5කිනුත්, කිරි තේ එකක් රුපියල් 10කිනුත්, ර‍යිස්, කොත්තු, පරාටා රුපියල් 25කිනුත් මිල අඩු කර තිබෙනවා.

අද උදෑසන සිට මෙම සහනය පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරන බවයි රුක්ෂාන් මහතා වැඩිදුරටත් පැවසුවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!