මිරිදිය ධීවරයන් වෙනුවෙන් ජපානයෙන් ඩොලර් මිලියනයක ප්‍රධානයක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මිරිදිය ධීවරයන්ගේ ජීවන තත්ත්වය නගා සිටවනු වස් ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක් ලබාදී ඇත .

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා ඊට අදාළ නිල ගිවිසුමට ඉකුත් 29 වෙනිදා අත්සන් තබන ලද අතර ඒ යටතේ නැගෙනහිර පළාතේ තෝරාගත් ජලාශ 30ක මත්ස්‍ය කූඩු 200ක් ස්ථාපිත කෙරෙනු ලබන අතරධීවරයින්ට තාක්ෂණික පුහුණුව ලබාදීම සහ පළමු වගා වටය සඳහා මත්ස්‍ය පැටවුන් සහ මත්ස්‍ය ආහාර නොමිලේ ලබාදීමට නියමිතය .