මත්තේගොඩ සිසුවියගේ ‘නිරුවත් සේයා රූ ඉන්ස්ටග්‍රෑම් දැම්මේ’ නුගේගොඩ සිසුවෙක්

දහහත් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා පළ කළ බවට සැකකෙරෙන දහඅට හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි (18) හැවිරිදි පාසල් සිසුවකු බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ උපකාරක පන්තියකට යමින් සිටිය දී මත්තේගොඩ කුඩමාදූව ප්‍රදේශයේ සිට පැමිණි 17 හැවිරිදි පාසැල් සිසුවිය හමු වී ඇති අතර පසුව ඇය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මේ අතරතුර දී පෙම්වතා කිසියම් ඖෂධ වර්ගයක් පානය කරන බව දැන ගෙන ඒ පිළිබඳව විපරම් කිරීමේ දී පෙම්වතාට නිදන්ගත රෝගයක් ඇතැයි දැනගැනීම නිසා ප්‍රේම සම්බන්ධතාවය නවතාලීමට පාසල් සිසුවිය කටයුතු කර තිබෙනවා.

පසුව ඇය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

මේ බව දැනගත් තරුණයා අදාළ පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය කාලයේ වීඩියෝ කෝල් ගන්නා අවස්ථාවල දී එම තරුණයා අදාළ පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප ස්ක්‍රීන්ෂොට් හරහා ලබාගෙන ඇති බව සඳහන්.

එම නිරුවත් ඡායාරූප දුටු මිතුරියන් කිහිප දෙනෙකු අදාළ පාසල් සිසුවියට ඒ බව දැන්වීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!