ප්‍රවාහන ක්ෂේස්ත්‍රය සංවර්ධනය නොකිරීම නිසා වසරකට රුපියල් බිලියන 500 ක පාඩුවක්

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නියමිත පරිදි සංවර්ධනය නොවීම නිසා රජයට සෑම වසරකම රුපියල් බිලියන 500 ක් පාඩුවක් සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

ත්‍රිරෝද රථ, පොදු සහ රජයේ ප්‍රවාහන ක්ෂේත්‍ර සැලකිල්ලට ගනිමින් තමන් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම අලාභය අනාවරණය වූ බවයි ඔහු මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය

ග්‍රාමීය ප්‍රදේශවල පමනක් නොව ප්‍රධාන මාර්ග ආශ්‍රිතවද පැයකට එක බස් රථයක් ධාවනය වුවද එම කාලය ට්‍ය්හුළ අවම වශයෙන් ත්‍රී රෝද රථ 40 ක්වත් එම දිශාවටම ගමන් කරනා බව එම සමීක්ෂණයෙන් හෙළි වූ බව ඔහු පැවසීය.

රටේ පවතින පොදු ප්‍රවාහන පද්ධතියේ දුර්වල තත්ත්වය මෙයින් පෙන්නුම් කරන බවත්, දුර්වල ප්‍රවාහන පද්ධතිය හේතුවෙන් ත්‍රිරෝද රථ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය. මේවන විට රට තුළ ත්‍රිරෝද රථ දස ලක්ෂයක් සහ බස්රථ 13,500ක් ක්‍රියාත්මක වේ.

යතුරුපැදි සහ අනෙකුත් ප්‍රවාහන ක්‍රම ප්‍රධාන සාධක ලෙස මෙම සමීක්ෂණය සැලකිල්ලට නොගත් බව ඔහු පැවසීය. එබැවින් රටේ සංවර්ධනය උදෙසා දේශීය ප්‍රවාහන පද්ධතිය කඩිනමින් සංවර්ධනය කළ යුතු බව ඔහු අවධාරණය කළේය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *