නාකොළගනේ පුරාණ රජමහා විහාරයට නින්දගමක් යයි පවසමින් විහාරස්ථානය සතු ඉඩම් මෙන්ම රජයට අයත් විශාල වනාන්තර ප්‍රදේශයක් අඹ වැවීම සඳහා පෞද්ගලික සමාගමකට බද්දට ලබා දීමට එරෙහිව පරිසර යුක්ති කෙන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුවේ තීන්දුව ඊයේ ලබාදෙන ලදි .
නාකොළගනේ රජමහා විහාරාධිපති වලැත්තාවේ රාහුල හිමි ඇතුලු පිරිසක් විත්තිකරුවන් කරමින් පවරා තිබූ මෙම නඩුව මගින් රජයේ වනාන්තර විනාශ කිරීම මගින් අලි ඇතුනගේ සාම්ප්‍රදායක නිජබිම් අහිමි වෙනබව සහ එමගින් ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම ඉහළ යන බව අධිකරණය හමුවේ තහවුරු කරනා ලදි . නාකොලගණේ වනාන්තර ප්‍රදේශය බදුගත් සමාගම් විසින් එම ප්‍රදෙශයේ විදුලි වැවවල් ඉදිකිරීම හේතුවෙන් පාලුකඩවල වැව් රක්ෂිතය ආශ්‍රිතව වාසය කරනා අලි ඇතුනගේ සිය සංචරණ රටාවට බාධා පැමිනෙන ලදි .
මෙම තත්ත්වය සළකා බැලූ අධිකරණය මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුරු අනුව හෙක්ටයාර 55 ක වනාන්තර හා කුඹුරු භූමි ප්‍රදේශයක්, අලි කළමනාකරණ රක්ෂිතයක් හෝ සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය . ඊට අමතරව මෙම නඩුවට අදාලව ගරු අධිකරණ පහත නියෝග කරනා ලදි .
ඉඩම් අවභාවිතය හා නීතිමය පියවර .
බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට, විහාර දේවාලගම් පනත යටතේ අදාළ විහාරාධිපති හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, බැහැර කරන ලද ඉඩම් නැවත ශාසනයට පවරා ගැනීමටත් නියෝග කර ඇත.
විශේෂ ඒකකයක් පිහිටුවීම .
මෙම නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකුගේ නායකත්වයෙන් විශේෂ ඒකකයක් පිහිටුවීමට නීතිපතිවරයාට උපදෙස් ලබා දී ඇත.
අලි කළමනාකරණ රක්ෂිතයක් ප්‍රකාශයට පත් කිරීම.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුරු අනුව හෙක්ටයාර 55ක වනාන්තර හා කුඹුරු භූමි ප්‍රදේශයක්, අලි කළමනාකරණ රක්ෂිතයක් හෝ සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත.
නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම.
ප්‍රදේශයේ පවතින නීති විරෝධී අලි වැටවල් සහ අනෙකුත් ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවට බලය ලබා දී ඇත.
ප්‍රතිවන වගා වැඩසටහන.
විනාශයට පත් වූ වනාන්තර ප්‍රදේශය, අදාළ විහාරාධිපති හිමියන්ගේ පෞද්ගලික වියදමින් නැවත වගා කිරීමට පියවර ගන්නා ලෙස වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇත.
අපරාධ පරීක්ෂණ .
නඩුවේ සඳහන් අපරාධ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන්ට මාසයක කාලයක් ලබා දී ඇති අතර, එම පැමිණිලි පිළිබඳව වහාම විමර්ශනය කර වැරදිකරුවන්ට නීතිය අනුව දඬුවම් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
ප්‍රසිද්ධ සමාව හා දැනුම්දීම්.
වනජීවී අධ්යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් තම රාජකාරි පැහැර හැරීම පිළිබඳව භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කරමින් ප්‍රසිද්ධියේ කනගාටුව ප්‍රකාශ කළ යුතුය. එසේම, මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීම සඳහා ගන්නා පියවරද එම දැන්වීම් තුළින් ජනතාවට දැනුම් දිය යුතුය.
මෙම නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ආචාර්ය සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් ලබාදෙන ලදි . නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ ප්රමුඛ නීතීඥ මඩුල්ලක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ලදි