පන්දාහේ දඩය ගෙවාගන්න බැරිව වසර 3ක් සිරබත් කෑ අයෙක්ට නිදහස

අන්සතු ඉඩමක පොල්ගෙඩි 20ක් කැඩීමේ වරදට නියම වූ රුපියල් 5000ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව වසර තුනක් බන්ධනාගාර ගතකර සිටි අයෙකු, එම දඩ මුදල ගෙවා නිදහස් කර ගැනීමට කළුතර බන්ධනාගාර සුභ සාධක සංගමය කටයුතු කර තිබෙනවා.

මතුගම ප්‍රදේශයේ පදිංචිව සිටි රැදවියෙකුයි, මෙසේ නිදහස් කර ඇති බව වාර්තා වන්නේ.

අදාළ රැදවියා, මීට වසර තුනකට පෙර මතුගම ප්‍රදේශයේ පිටස්තර අයෙකුගේ ඉඩමකින් පොල්ගෙඩි 20ක් හොරෙන් කැඩීමේ වරදට රුපියල් 5000ක දඩ මුදලක් නියමව ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!