දැරියක් විකුණා ජංගම දුරකථනයක් ගත් මව සහ තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

වයස අවුරුදු 02 ක දැරියක් රුපියල් 40,000ක මුදලකට විකුණා එකී මුදලින් රුපියල් 15,000ක ජංගම දුරකථනයක් මිලදී ගත් මවක් සහ ඇයගේ අනියම් පුරුෂයා ධර්මපුරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම එම දැරිය මිලදී ගත් කාන්තාවක් ද ධර්මපුරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති .

මීට අදාල පැමිණිල්ල ධර්මපුරම් ග්‍රාම නිලධාරීවරයා විසින් පොලිස් ස්ථානයට යොමුකර ඇත. එම පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලීසිය පැවසයි .

මෙලෙස විකුණන ලද දැරිය තැලසීමියා රෝගයෙන් පෙළෙන අයෙකු බවත්, ඇයට වැඩිමහල් තවත් සිව් හැවිරිදි දියණියක් සිටින අතර ඇයද එම රෝගයෙන් පෙළෙනා බව වාර්තා වේ. එම දැරියට ප්‍රතිකාර කිරීම සඳහා මුදල් ලබා ගැනීමට අදාළ දැරියව විකුණූ බව ප්‍රශ්න කිරීම් හමුවේදී ඔවුන් පවසා ඇත . සැකකාරියන් දෙදෙනා සහ සැකකරු කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .