තේ වගාව නංවන්නට Ceylon Tea ගම්මාන නමින් නව ගම්මාන 500ක්

දීප ව්‍යාප්තව සිලෝන් ටී ගම්මාන පන්සියයක් ආරම්භ කර, එමගින් තේ වගාව වඩාත් ප්‍රචලිත කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සැලසුම් කොට ඇතිබව අමාත්‍ය සමනත විද්‍යාරතන පැවසීය .

මෙම නව වැඩ පිළිවෙල කුඩා පරිමාණයේ තේ වතු හිමියන් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය . යෝජිත ”Ceylon Tea ගම්මාන” 500 සඳහා අවශ්‍ය තාක්ෂණය සහ දැනුම ලබාදී එමගින් ගුණාත්මක බවින් ඉහළ තෙ නිෂ්පාදනය වැඩිකරගැනීමට බලාපොරොත්තු වෙන බව අමාත්‍යවරයා පැවසීය ..

මෙම වැඩසටහනට අමතරව තේ කර්මාන්තකරුවන් සඳහා සහනාධාර පොහොර ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා රුපියල් මිලියන 2500ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර සිට