තවත් මෙට්‍රෝ බස් 104 අගෝස්තුවේ සිට සේවයට .

මෙරට පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා අගෝස්තු මාසයේදී නව මෙට්‍රෝ බස් රථ 104 ක් මෙරටට ආනයනය කිරීමට නියමිත බවත්, ඊට අදාල ගිවිසුම අද (18) අත්සන් කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි .

ගිවිසුම් ප්‍රකාරව මෙම නවීන බස් රථ 104 ක ප්‍රමාණය එළඹෙන අගෝස්තු මාස 15 වන විට මෙරටට ආනයනය කර අවසන් කිරීමට නියමිතය. මේ වනවිට බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් කඩවත සහ රත්මලාන වැනි ප්‍රදේශවල නව මෙට්‍රෝ සේවා අංගන ඉදිවෙමින් පවති.

මෙරට පොදු ප්‍රවාහනයට නව ප්‍රවේදයක් එක් කිරීම මෙට්‍රෝ බස් හඳුන්වාදීමේ අරමුණ වෙයි.