රණවිරු සැමරුමට මහින්දට ආරාධානාවක් නෑ .

හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ වන තෙක් කිසිදු ආරාධනයක් ලැබී නොමැති බව වාර්තා වේ . ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ වෙතින් කළ විමසීමකදී ඔහුද ඒ බව තහවුරු කළේය .

යුද්ධය නිමකිරීම සඳහා අවශ්‍ය දේශපාලන නායකත්ත්වය සපයනු ලැබූවේ හිටපු ජනධිපති මකින්ද රාජපක්ෂ විසින් වන අතර හිටපු ජනාධිපතිවරයෙක් වූ ඝෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලෙකම්වරයා ලෙස කටයුතු කරනා ලදි .