දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඉඩම් කොටස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත පවරා දීමට අග්‍රාමාත්‍යවරිය එකඟතාව පළ කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා පවසයි .
අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැතිනිය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ඔහු සඳහන් කළේය .