අද පැවැත්වෙන තමිල්නාඩු ප්රාන්ත සභා මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ට සහය දක්වන බැනර් යාපනයේ ප්රදේශ ස්ථාන කිහිපයක ප්රදර්ශණය කර ඇති බව වාර්තා වේ .
නාම් තමිලර් කච්චි හි ප්රධාන සම්බන්ධීකාරක සීමන්ගේ රූප සහිත බැනර් ඊයේ සවස සිට යාපනය මහජන පුස්තකාලය සහ දිස්ත්රික් ලේකම් කාර්යාලය වැනි ප්රමුඛ ස්ථානවල ඔහුට සහයෝගය පළ කරමින් සවිකර තිබුණි. ඊට අමතරව ටී.වී.කේ නායක විජේ චන්ද්රසේකාර් සහ පාලක ඩී.එම්.කේ පක්ෂයට සහයෝගය දක්වන ප්රචාරක බැනර්ද උතුරේ ස්ථාන කිහිපයක ප්රදර්ශනය කර තිබිණි.
2026 තමිල්නාඩු සභා මැතිවරණයේදී, පාලක ඩී.එම්.කේ, විපක්ෂ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ, නාම් තමිලර් කච්චි සහ නළු විජේගේ නායකත්වයෙන් යුත් තමිලගා වෙට්රි කසාගම් (ටී.වී.කේ) යන පක්ෂ තරග කරයි .