ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවට පළවන වාර්තාවල අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය . ඔහු බව පැවසූවේ ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙලෙස පැවසීය.
”ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඉවත් කර ඒ වෙනුවට ඉරාන් වික්‍රමරත්න ගේ සභාපතීත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධයෙන් රජය කිසිම තීරණයක් ගෙන නෑ. ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල සාකච්ඡාවක් පවා පවත්වා නෑ . පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ එවැනි දෙයක් සාකච්චා කර නෑ . එමෙන්ම ක්‍රිකට් පාලනය සහ එහි සංවර්ධනය පිළිබඳව රජයට පැහැදිලි දැක්මක් තියනවා . “