කැනඩාවේ ක්‍රිකට් පරිපාලනය තුළ බරපතළ දූෂණ හා අක්‍රමිකතා හෙළිදරව් වීමෙන් පසුව, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී ඒකකය ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෑතකදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවති T20 ලෝක කුසලාන තරගාවලියේදී කැනඩාව සහ නවසීලන්තය අතර තරඟය අතරතුර තරඟ පාවාදීමක් පිළිබඳ සැකයන් මත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත. නවසීලන්තයට එරෙහි තරඟයේදී කැනේඩියානු නායක දිල්ප්‍රීත් බජ්වා යැවූ පස්වැනි ඕවරය මෙහිදී විශෙෂ අවධානයකට ලක්ව ඇත .
එම ඕවරයෙදී බජ්වා ගෙන් ලකුණු 15 ලබාගැනිමට ප්‍රතිවාදීන් සමත්වූ අතර එය තර්ගා පාවාදීමක්දැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂා කිරීමට නියමිතය .
කැනඩා පිලේ හිටපු පුහුණු කරුවෙක් වන ශ්‍රී ලාංකික ක්‍රීඩක පුබුදු දසනායක ද 2024 ලෝක කුසලාන කණ්ඩායම තෝරා ගැනීමේදී මණ්ඩලය මැදිහත් වූ බවත්, ඔහු ඊට අනුකූල නොවන්නේ නම් තමාව සේවයෙන් පහ කරන බවට තර්ජනය කළ බවත් හෙළිකර තිබේ. කැනඩාවේ ක්‍රිකට් පරිපාලනයට එරෙහිව දසනායක දැන් නඩුවක් ගොනුකර ඇත.
ඊට අමතරව තවත් හිටපු පුහුණුකරු කුරාම් චොහාන්ගේ ශ්‍රව්‍ය පටයක් ද මතුවී ඇති අතර, එහි ඔහු කියා සිටින්නේ ජ්‍යෙෂ්ඨ මණ්ඩල සාමාජිකයන් තමන් කැමති ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා ලෙස තමාට බලපෑම් කළ බවයි.