ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මියගොස් ඇතිබවත්, ඔහුගේ දේහය අද (08) පෙරවරුවේ කොල්ලුපිටිය පිහිටි නිවසේදී සොයාගත් බව පොලිසිය පවසයි .
එයාර් බස් ගනුදෙනුවකට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු, ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ යළිත් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) වරෙන්තු නිකුත් කර තිබුණා.