කන්ටේනර් සාක්ෂියෙන් ජනාධිපති ගැලවෙයි .

භෞතික පරීක්ෂාවකින් තොරව බහාළුම් 323 නිදහස් කිරීමේ සිද්ධියට අදාලව නිරීක්ෂණ ඉදිරිපත්කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාවට සාක්ෂි කරුවෙක් ලෙස විෂය බාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති අනුර දිසනායක කැඳවීමට විපක්ෂ මන්ත්‍රීවරුන් කළ යෝජනාව පාර්ලිමේන්තු කමිටු ඡන්දයකින් කරාජයට පත්කර ඇත .

මේ පිළිබඳව මාධ්‍යට කාරුණු දක්වූ ස.ජ.බ පාඅර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසා සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර දිසනායක, වරාය භාර අම්මාත්‍යවරයාව සිටි බිමල් රත්නායක, විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයාවන ජනිත් රුවන් කොඩිතුවක්කු සහ අමාත්‍යංශ ලේකම්වරයාවද මෙම කමිටුව හමුවට කැඳවා සාක්ෂි විමසිය යුතුබව විපක්ෂය ඉල්ලා සිටි බවය .

එන යෝජනාව ලිඛිතව ඉදිරිපත්කළද කමිටු ඡන්දයකින් එය පරාජයට පත්වූ බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය .