සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මිළග මැතිවරණයට පෙර සන්ධාන ගතවීමේ අවශ්‍යතාවය මෙරට ප්‍රධාන තානාපති කාර්යාලයක් වීසින් එම පක්ෂ දෙකේ නියෝජිතයන් පිරිසකට පෙන්වාදි ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
මීළඟ මැතිවරණයෙදී එ.ජා.ප සහ ස.ජ.බ වෙනම තරග වැදීම තුළින් වැඩි වාසිය ආණ්ඩුවට හිමිවනු ඇති බවත් පිට පිට තුන්වෙනි මැතිවරණයත් පරාජයට පත්වුවහොත් විපක්ෂය යළි කලකට එක් කිරීමට නොහැකි ලෙස විනාශව යනු ඇති බවත් එම තානාපති කාර්යාලය විසින් පක්ෂ දෙකේ නියෝජිතයන්ට පෙන්වාදී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ ජනාධිපතිවරණ දෙකක්, මහ මැතිවරණයක් සහ පළාත් පාලන මැතිවරණයක් පරාජයට පත්ව ඇති බවත්, එම නිසා ඔහුගේ ජනප්‍රිය බව වේගයෙන් පහත වැටෙමින් තිබෙනා බවත් එම සාකච්චාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් පිළිගෙන තිබේ .
එමෙන්ම 2022 මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව බංකොළොත් බවෙන් මුදවා සංවර්ධන ඉලක්ක වෙත ගෙන යාමේ වගකීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාර්ථකව ඉටුකළ බව මේ වන විට ආණ්ඩුව පවා පිළිගන්නා බවත්, එහෙයින් කඩිනමින් පවතින අර්බුද නිරාකරණය කරගනිමින් ස.ජ.බ සහ .එජාප එක්වීම දක්ෂිනාංශික කඳවුර බල ගැන්වීමට ඇති හොඳම ක්‍රමය බවත් එම සකච්චාවේදී අවධාරණය කට අත .