උසස් පෙළ විභාගයේ අයදුම්පත් බාර ගැනීම ගැන විශේෂ නිවේදනයක්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට (24) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි .

ඊට අදාල නිවේදනය විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ විසින් නිකුත් කර ඇති අතර අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු 24 සිට 2026 අප්‍රේල් 24 දක්වා මාර්ගගත ක්‍රමය මඟින් පමණක් සිදු කරනා බ් අව එහි දක්වෙයි .

අයදුම් බාර ගැනීමේ කාලය කිසිම හේතුවක් මත දිගු කිරීමක් සිදු නොකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වෙයි .

අයදුම්කරුවන්ට අවශ්‍ය විමසීම් සඳහා පහත දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල මඟින් විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැක .

දුරකථන අංක :- 0112785922/0112784208/0112784537
ෆැක්ස් අංක :- 0112784422
විද්‍යුත් තැපෑල :- gcealexamsl@gmail.com