පොලිස් නිළධාරියා මැරූ පුද්ගලයාට මරණ දඬුවම

බද්දේගම ප්‍රදේශයේදී වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ විත්තිකරුවෙකුට වසර 18 ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බලපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නිමයම කර ඇත .

2008 වසරේ දිනකදී බද්දේගම පොලිසියට අනුයුක්තව සේවය කළ දිලිප් කුමාරසිංහ (15615) සහ පොලිස් සැරයන් ජගත් නන්දන (50472) යන නිලධාරීන් දෙදෙනා වැටලීමකට ගොස් තිබෙන අතර එහිදී බළපිටිය රන්දොඹේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල් දිලිප් කුමාරසිංහ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමෙ සිද්ධියට අදලාව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත .

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් එක් විත්තිකරුවෙක් සහ විත්තිකාරියන් තිදෙනෙකුට එරෙහිව බද්දේගම පොලීසිය විසින් බළපිටිය මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබූති . ඉන් එක විත්තිකරුවෙකුට මරණ දඬුවම නියම වූ අතර සෙසු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට බළපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත නියෝගය කර ඇත .