ආරක්ෂක ලේකම් මහනුවරදී විශේෂ ප්‍රකාශයක් කරයි .

එයාර් වයිස් මාෂල් ( විශ්‍රාමික ) සම්පත් තුයියකොන්තා අද මහනුවරදී මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැ දුටුවේය . එම අවස්ථාවෙන් පසු මාධ්‍යවේදීන් ඇමතු ඔහු තමා කිසිම අවස්ථාවක මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුව නියොජනය කිරීමට අදහස් නොකරන බව පැවසීය .

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට මෙරට ත්‍රිවිධ හමුදාව අනුයුක්ත කිරීමේ අවස්ථාව මේ වනවිට ලැබී ඇති බවත්, ඒ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සාමාජිකයන් පිරිසක් කඩිනමින් හයිටි රාජ්‍ය වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී පැවසීය .

එමෙන්ම ආරක්ෂක අංශවල යම් සාමාජික හිඟයක් පවතින බවත් එම තත්ත්වය අවම කරගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් සම්පත් තුයියකොන්තා සඳහ්න කළේය .

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගැන අදහස් දැක්වූ ඔහු මෙරට මත්ද්‍රව්‍ය රැගෙන ඒම විශාල වශයෙන් අඩු කිරීමට ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසිය විශේෂ දායකත්වයක් ලබාදී ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට කිසිම අවස්තාවක් ලබා නොදෙනා බවත් පැවසීය.