පොත් ආධාර නොලැබුණ ළමුන්ට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා එම මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව අවශ්‍ය මුදල් ඉදිරියේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදෙන බවද අමාත්‍යාංශය විසින් සුදුසු ක්‍රමවේදයකට අනුව පාසල් ළමුන් සදහා වන රුපියල් 6000ක දීමනාව ලබාදෙනු ඇති බවද මුදල් අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
අවදානමට ලක් වූ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට පියවර ගනිමින් සිටින බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එහිදී පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා එක් ළමයෙකුට රු. 6,000.00 ක වටිනාකමින් යුත් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර පසුගිය 27 දින වන විට අස්වැසුම බැංකු ගිණුම් හරහා ගෙවීමට භාණ්ඩාගාරය කටයුතු කර ඇති බවද අමාත්‍යාංශය පවසයි.
එසේමල අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රු. 6,000.00 ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබා දීම සඳහා 2025 වර්ෂයේ දී අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපනල උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන අතර එම දීමනා සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසල් ළමුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.