පුවත්පත් කලා සහ අධ්‍යාපන මධ්‍යස්ථානය (CJE) වෙබ් මාධ්‍යවේදින්ට ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාලව 2024 දෙසැම්බර් 5 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල පළ කරයි.
එම ගැසට් නිවේදනය මගින් වෙබ් මාධ්‍යවේදීන්ට ජන මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා ඔවුන් නියෝජනය කරනා වෙබ් අඩවි ව්‍යාපාරික ආයතන ලෙස ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇත. විවිධ සහ අපක්ෂපාතී වාර්තාකරණයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ස්වාධීන වෙබ් මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවකට මෙම තීරණය මගින් බරපතල අසාධාරණයක් සිදුවෙන බවත් එමගින් ඔවුනට තම කාර්ය භාරය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවන බවත් එම ආයතනය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි .
බොහෝ ස්වාධීන මාධ්‍යවේදීන් තම වෘත්තීය වාණිජකරණය නොකර, තම ස්වාධීනත්වයට සහ ව්‍යාපාරික අවශ්‍යතාවලට වඩා තම වාර්තාකරණයට අඛණ්ඩතාවට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියාත්මක වේ. එවැන්නන්ට සිය වෘත්තියේ යෙදීමට මෙම තීරණය පැහැඳිළි බාධාවක් ඇතිකරයි . ඒ අනුව මෙම ගැසට් නිවේදනය ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකාවේ ස්වාධීන පුවත්පත් කලාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරනා බවත් එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.
ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා විධිමත් නිර්ණායක පද්ධතියක් ස්ථාපිත කිරීමට සහ ඒවා විශ්වාසවන්ත මාධ්‍යවේදීන්ට ලබා දීම සහතික කිරීමට රජය ගන්නා උත්සාහය අගය කරනා බවත්, වාණිජ නොවන වේදිකාවල සේවය කරන ස්වාධීන මාධ්‍යවේදීන්ට අසාධාරණා ලෙස බලපාන නිශ්චිත රෙගුලාසි නැවත සලකා බලන ලෙස එම ආයතනය පවසයි .
ජනමාධ්‍ය හැඳුනුම්පත සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස ව්‍යාපාර ලියාපදිංචිය අවශ්‍ය වන කොන්දේසිය මඟින් සම්පත් හෝ ව්‍යාපාර ලෙස ලියාපදිංචි වීමේ අභිප්‍රාය නොමැති ස්වාධීන වෙබ් මාධ්‍යවේදීන්ට සමාන අවස්ථා අහිමිවන අතර එමගින් මාධ්‍ය නිදහස හෑල්ලු වෙන බව එම නිවේදනය පවසයි.
ජනමාධ්‍ය හා අධ්‍යාපනික මධ්‍යස්ථානය (CJE), ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ ප්‍රගමනය සඳහා කැප වූ පක්ෂග්‍රාහී නොවන සහ ලාභ නොලබන සංවිධානයකි .