තමන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට වේලාව ලබාදීමට විපක්ෂ නායකතුමන් කටයුතු නොකරන බවත්, මේ නිසා යාපනයේ සිට පාර්ලිමේන්තුවට පැමිණ උඩ බලාගෙන සිට නැවත යාමට සිදුව ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පැවසුවේය
තමන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට වේලාවක් වෙන් නොකිරීමෙන් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කර ඇති බවත් ඔහු අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ඒ පිළිබද විපක්ෂ නායකවරයාට ලිපියක් යවා ඇතත් එයට ප්‍රතිචාර ලැබී නැති බවද ඔහු කීය.
මෙයට ප්‍රතිචාර දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පැවසුවේ මේ ප්‍රශ්ණයට කතානායකවරයාගේ උපදෙස් අවශ්‍ය බවය.
මේ පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට කටයතු කරන බවද, එම කමිටු වාර්තාව අනුව කටයුතු කරන බවද කතානායකවරයා සදහන් කළේය.