කොත්තු සහ රයිස් මිලේ වෙනසක්

ගෑස් මිල අඩුවීම නිසා ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමය සඳහන් කරනවා.

එමෙන්ම කෙටි ආහාර වර්ග කිහිපයක මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබෙනවා.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කළත් ප්ලේන් ටී සහ කිරි තේ එකක මිල ගණන් වෙනස් කර නොමැති බවත් එම සංගමය අවධාරණය කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!