ඇපල් දුරකථන අලෙවියේ වාර්තාගත අඩුවීමක්

අමෙරිකාවේ සුප්‍රකට දුරකථන අලෙවි සමාගමක් වන ඇපල් සමාගමේ වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2024 වසරේ මුල් මාස 03 තුළ එහි අලෙවිය 4%කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති බව සඳහන් වනවා.

ඇපල් දුරකථන අලෙවිය 10%කින් පහත වැටී ඇති අතර එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට හේතූ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වසරේ මුල් මාස 03 තුළ ගෝලීය ස්මාර්ට්ෆෝන් අලෙවිය ඉහළ ගොස් ඇති පසුබිමක ඇපල් දුරකථන අලෙවිය පහත වැටී තිබීම සියල්ලෙන්ගේම අවධානයට හේතූ වී තිබෙනවා.

කෙසේවෙතත් නව නිෂ්පාදන සහ කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ ආයෝජන ඉහළ දැමීමෙන් දුරකථන අලෙවිය ඉහළ යනු ඇතැයි ඇපල් සමාගමේ අපේක්ෂා කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!