ශ්‍රී ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු තැපැල් සේවයට (USPS) කරන ලද ඇමරිකන් ඩොලර් 625,000 එම ආයතනයට නොලැබීම හේතුවේ ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අනාවරණය කර තිබේ.
කැබිනට් තීරණ නිවේදනය කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී මීට පෙර වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක භාණ්ඩාගාර ගෙවීමට අදාළ කරුණු පැහැදිලි කරන අතර ඔහු මේ බව සඳහන් කළේය .
වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ ලෙස සඳහන් කළේය .
“ආයතන තුළ එවැනි අක්‍රමිකතා හෝ දෝෂ ආයතනික මට්ටමින් විමර්ශනය කරනවා . මුදල් අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියනවා. ”