නොසිතූ ලෙස ලාෆ්ස් ගෑස් මිලත් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 625කින් අඩුකරන බවත් එහි නව මිල රුපියල් 4,111ක් බවත් එම සමාගම පවසනවා.

එසේම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිලද පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,652ක් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!