නව රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙක් ජනපති හමුවට

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තායිලන්ත රාජධානියේ තානාපතිවරයා සහ පාකිස්ථානයේ මහකොමසාරිස්වරයා ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාව හමු වී තිබෙනවා.

එහි දී පයිටූන් මහපන්නපෝන් මහතා තායිලන්ත රාජධානියේ තානාපතිවරයා ලෙසත්, විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් මහතා පාකිස්ථානයේ මහ කොමසරිස්වරයා ලෙස සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

එම අවස්ථාව කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!