එයා හුඟාක් වෙනස් වෙලා!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් විශ්වවිද්‍යාලයේ දී ඉගැන්වූ පුද්ගලයා ද යන්න අදහාගත නොහැකි බව, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

ඉකුත් දා කුළියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැලියේ, වේදිකාවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ.

එහි දී මහාචාර්යවරයා පැවසුවේ,

රනිල් වික්‍රමසිංහට මම උගන්වන කාලයේ එතුමා ශිෂ්‍යෙයක්. එතුමා ඒ කාලේ බොහොම තැන්පත් සන්සුන් චරිතයක්. එතුමා වචන පාවිච්චි කරපු විධිය අවස්ථාවට ගැළපෙන පරිදි බොහොම විනීතව විනයක් ඇතිව දුරදිග බලලා තමයි එතුමා ඒ කාලේ හැසිරුණේ.

දැන් ඊයේ අපි දැක්කා කුලියාපිටියේ සම්පූර්ණ විපර්යාසයක්. මට අදහාගන්නත් බෑ මේ එකම පුද්ගලයා ද කියලා. එදා අපි දැකපු චරිතයයි ඊයේ කුලියාපිටියේ වේදිකාවේ අපි දැක්ක චරිතයයි එක චරිතයක් නෙමෙයි චරිත දෙකක්. අදහාගන්නත් බැරි තරම් වෙනසක්. හතර වටේට ම ගහනවා හැමෝටම ගහනවා. මහත් විරසකයක්. ලොකු තරහක්. මුකුත් හරයක් නැහැ. දෝෂාරෝපණයම පමණයි.

ඉතින් ඒ නිසා බලනකොට එතුමාගේ ගුරුවරයා හැටියට මට අදහා ගන්නත් බෑ මේ මම උගන්වපු පුද්ගලයා ද කියලා සම්පූර්ණ වෙනස් චරිතයක්.” යනුවෙන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!