බස් රථ දෙකක් ගැටී 33ක් රෝහලේ -ඒ අතර සිසුන් 25ක්

අක්කරයිපත්තුව අම්පාර මාර්ගයේ සිසුසැරිය බස්රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පාසල් ළමුන් 25 දෙනෙකු ඇතුළු 33 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

අද දහවල් 2.30ට පමණ අනතුර සිදුව තිබෙන අතර, ලංගම බස් රථය වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවූ වහාම අවට සිටි පිරිස් එක්ව තුවාලකරුවන් අම්පාර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බව වාර්තා වනවා.

බස්රථ දෙකේ රියදුරන් අනතුරින් බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!