ට්‍රම්ප්ගේ නඩුව අතරේ අයෙක් ‘අධිකරණය ඉදිරිපිට’ ගිනි තබාගෙන

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු දියරයක් ඇඟට ගල්වා ගනිමින් ගිනි තබාගෙන ඇති බවත් ගිනි තබා ගැනීමට හේතුව කුමක්ද යන්න අපැහැදිලි බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජූරි සභාවට ඉදිරිපත් වන අවස්ථාවේදී මෙම ගිනි තබා ගැනීම සිදුකර ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන්වන්නේ.

හිටපු ජනාධිපතිවරයා මෙම ගිනිතබා ගැනීමේ සිද්ධිය අතරතුර එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ලබන සඳුදා (22) මෙම නඩුවේ ආරම්භක ප්‍රකාශ ගැනීමට නියමිතයි.

ගිනි තබාගත් පුද්ලගයා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!