අයිස් තිප්පොළේ දී මාට්ටු වූ නාවික හමුදාවේ ලොක්කෝ දෙන්නා

යුක්තිය මෙහෙයුම යටතේ මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් අයිස් මත්ද්‍රව්‍ය 510gක් සමග පුද්ගලයින් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මේ අතර පෙතියාගොඩ සංඛ නම් වන අපරාධ කල්ලි නායකයාගේ සහ අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

අංගොඩ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී සැකකරුවන් දෙදෙනා හසුවූ අතර එම නිවසටම පැමිණි තවත් දෙදෙනෙකු සෝදිසි කිරීමේදී ඔවුන් සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් සහ මිලිග්‍රෑම් 300ක් තිබී පොලිසිය සොයාගෙන තිබුණා.

ඔවුන් දෙදෙනා ගැන පරීක්ෂා කිරීමේදී ඔවුන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩවරුන් දෙදෙනෙකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා..

ඔවුන් දෙදෙනා නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් වනවා.

මෙම නාවික හමුදා නිලධාරීන් ඇඹිලිපිටිය සහ ගලෙන් බිඳුණු වැව ප්‍රදේශයේ පදිංචිකරුවන්..

මොවුන් දෙදෙනා මෙම අයිස් මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා මූල්ලේරියාව ප්‍රදේශයට ඇක්වා වර්ගයේ මෝටර්රථයකින් පැමිණ සිටියදීයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!