අද සිට දුම්රිය ධාවනයන් සුපුරුදු ලෙසටම

අද (11) සිට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (10) පස්වරුවේ අවසන් කිරීමට පියවර ගත්තා.

උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් පසුගිය 06 වැනිදා දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඒ අනුව ඊයේ පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලබාදුන් ලිඛිත පොරොන්දුවකට අනුව එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කෙරුණා.

මේ හේතුවෙන් අද උදෑසන සිට යළි සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!