නිදහස් පක්ෂ සභාපති විජයදාසගේ වාරණයට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කොළඹ දිසා අධිකරණය අද (16) ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!