මැදිහත්වීම් නැති පොලිසියක් ඇති විය යුතුයි

ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමට මැදිහත් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවසුවා.

මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස්කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

බත්තරමුල්ලේ පිහිටි මහජන අරක්ෂක අමාත්‍යංශයේදි වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඒ අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එවැනි වෙනසක් බලාපොරොත්තුවෙන් ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබා දුන් බවත් , පොලිසිය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ජනතාව තුළ තිබූ විශ්වාසය බිඳිගොස් ඇති බවත් අමත්‍යවරයා පැවසුවා.

මේ අතර නීතිය හා සාමය රැකීමේ වගකීම පොලිසියේ වගකීම වන නිසා එයට ඉඩ ප්‍රස්තාව ලබාදෙමින් කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවද , වැරදි ක්‍රම වෙනස් කර දේශපාලන මැදිහත්වීම් නොමැති පොලිස් සේවයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවද විජිත හේරත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.