මාළු අල්ලන්න ගිය තරුණයා දියේ ගිලී මරුට

යාපනය පොලිස් වසමට අයත් කොළොම්බුතුරෙයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ ධීවර කටයුතු සඳහා ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

පසුව යාපනය පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කළ නාවික හමුදා කිමිදුම්කරුවන්ට තරුණයාගේ මෘත ශරීරය සොයාගන්නට හැකිවී තිබෙනවා.

මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ, පෙරියකල්ලාරු ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.

තරුණයා මුහුදේ මාළු අල්ලමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!