ඊශ්‍රායල හමුදාවෙන් තවත් ප්‍රහාරයක් – 07ක් මරුට

සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සියුලර් කාර්යාල ගොඩනැගිල්ලට ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නිලධාරීන් 7දෙනෙකු මිය ගිය බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසනවා.

මෙම ප්‍රහාරයෙන් මියගිය අයවලුන් අතර ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියකු වූ බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් රීසා සහේඩි සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරි බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් හාඩි හාජි-රහිමි සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

ඉරාන තානාපති කාර්යාලයට යාබඳ ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරය ඉරාන සහ සිරියාවේ රජයන් හෙළා දැක තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් අදහස් පළ නොකරන බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!