සුළං බලාගාරයට අකුල් හෙලූ ‘වියත් මග’ ලොක්කා දැන් සජිත් ළඟ

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ, සුළං බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ පියවර පිටුපස සිටින්නේ අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ එක්ව කටයුතු කරන ‘වියත් මග’ හිටපු සාමාජිකයෙකු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද විපක්ෂ නායකවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතියට එරෙහිව නැගී සිටින එක් අයෙක් වියත් මග හිටපු සාමාජික රොහාන් පෙතියාගොඩ බවයි.

‘මහාචාර්ය පෙතියාගොඩ විපක්ෂ නායකවරයාගේ උපදේශකයෙක්. ඔහු වියත් මග හිටපු කෙනෙක්’ යැයි ද පැවසූ ඇමතිවරයා සුළං බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාරිසරික ගැටලුවක් මතු කළ අතලොස්සක් අතරට මහාචාර්ය පෙතියාගොඩ ද සිටින බවත් පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!