පසුගිය ජනවාරි මස 21වන දින අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මෙරටින් පලාගිය සැකකරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වනවා.
වැඩිදුරටත් වාර්තා වන්නේ ඒ අතර ඝාතන සිද්ධියේ වෙඩික්කරුවකු වන “ඩබල් ටැප් චූටි” සිටින බවයි.
මෙම ඝාතනය කොස්ගොඩ සුජීගේ මෙහෙය වීම මත පෙජරෝ රථයකින් පැමිණ ටී56 වර්ගයේ ගිනි අවි දෙකක් භාවිතා කර ඩබල් ටැප් ක්‍රමයට එම වෙඩි තැබීම සිදු කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වුණා.
පසුව එම වෙඩික්කරුවන් රටින් පලාගිය බවත් ඔවුන් නිට්ටඹුව හා බලපිටිය ප්‍රදේශයන්වල පදිංචි පුද්ගලයින් බවත් වාර්තා වුණා.
සිද්ධිය සම්බන්ධයේ ආධාර අනුබල දුන් චෝදනා මත සැකකරුවන් කීපදෙනෙක් මේ වන විට අත්අඩංගුවට පත් වී සිටින අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගත කර තිබෙනවා.