වෙසක් කූඩු හදන්න බට කපන්න ගිය සිසුවාට අතවර කළ චීවරධාරියා

වෙසක් කූඩු සකස් කිරීමට බට කැපිමට පන්සලට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කල 27 හැවිරිදි හිමිනමක කළුතර දකුණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, මෙනේරිතැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමක් බව පොලීසිය පවසනවා.

වින්දිත පාසල් සිසුවා දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් සමග පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වින්දිත සිසුවා රෝහල් ගතකර ඇති බවත්, සැකකාර හිමිනම කළුතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සිදුකරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!