විදුලිබල පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු නියෝගය

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කළා.

එම පෙත්සම් විභාගය පැවැත්වුණේ විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීයි.

පුරා දින තුනක් තිස්සේ පැවති මෙම පෙත්සම් විභාගය අද (13) අවසන් කරමින් විනිසුරු මඩුල්ල මෙම නිවේදනය නිකුත් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!