වගාවට එක්වන නව බාස්මති ප්‍රභේද දෙක

බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසනවා.

තවත් මාස කිහිපයක් ඇතුළත බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව වී පර්යේෂණායතනය සඳහන් කරනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ මෙරට සමස්ත සහල් අවශ්‍යතාවය මෙරටම නිෂ්පාදනය කෙරෙන නමුත් සංචාරක කර්මාන්තය හා හෝටල් සඳහා අවශ්‍ය වන බාස්මතී ඉන්දියාව හා පකිස්ථානයෙන් ආනයනය කරන බවයි.

බාස්මතී සඳහා වැය වන විදේශ විනිමය මෙරටට ඉතිරි කර ගැනීමේ අරමුණින් බාස්මතී සහල් මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට උපදෙස් දුන්නා.

එමෙන්ම මේ වනවිට At 306, At 309 නමින් බාස්මතී සහල් හා සමාන දිගටි වී ප්‍රභේද දෙකක් ලෙස හඳුන්වා දී ඇති අතර එම වී වර්ග ද ජනප්‍රිය බව අමාත්‍යාංශය පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!